Module 6 – Advantages of Docker

Docker භාවිතා කිරීමේ වාසි

හැඳින්වීම

Docker කියන්නේ software applications containers තුළ run කිරීමට භාවිතා කරන ජනප්‍රිය platform එකක්. Modern software development සහ DevOps environment වල Docker විශාල වශයෙන් භාවිතා වෙනවා. Docker භාවිතා කිරීමෙන් developers සහ system administrators ලට application deploy කිරීම, manage කිරීම සහ scale කිරීම පහසු වෙනවා. Docker භාවිතා කිරීමෙන් ලැබෙන ප්‍රධාන වාසි කිහිපයක් පහතින් බලමු.


1. Portable Environment

Docker හි ඇති ප්‍රධාන වාසියක් තමයි portability.

Docker container එකක් run කරන්න පුළුවන්:

  • Developer computer එකේ
  • Testing environment එකේ
  • Production server එකේ

මේ සියල්ලේ same environment එකෙන් application run වෙනවා. ඒ නිසා “It works on my machine” වගේ problems අඩු වෙනවා.


2. Fast Deployment

Docker containers ඉතාම ඉක්මනින් start වෙන්න පුළුවන්.

Virtual machines වලට වඩා Docker containers lightweight නිසා seconds කිහිපයකින් container එක start වෙනවා. මේ නිසා application deployment process එක ඉතාම වේගවත් වෙනවා.


3. Resource Efficiency

Docker containers system resources අඩුවෙන් භාවිතා කරනවා.

Virtual machines වල guest operating system එකක් run වෙනවා. නමුත් Docker containers host operating system එක share කරන නිසා:

  • CPU usage අඩුයි
  • Memory usage අඩුයි
  • Storage usage අඩුයි

4. Easy Application Management

Docker භාවිතා කරලා application එක run වෙන්න අවශ්‍ය:

  • libraries
  • dependencies
  • configuration files

සියල්ල container එක තුළ manage කරන්න පුළුවන්. මේ නිසා application setup කිරීම සහ maintain කිරීම පහසු වෙනවා.

5. Scalability

BDocker containers easily scale කරන්න පුළුවන්.

Application traffic වැඩි වුනාම containers කිහිපයක් run කරලා system capacity වැඩි කරන්න පුළුවන්. මේ concept එක cloud environments වල සහ microservices architecture වල widely භාවිතා වෙනවා.