Angular CLI භාවිතා කර අපගේ පළමු project එක සාදා එය run කර බලමු.
Command Prompt (CMD) හෝ Terminal එක open කර, ඔබට project එක සෑදීමට අවශ්‍ය folder එකට යන්න (උදා: Desktop). ඉන්පසු පහත command එක run කරන්න. මෙහි `counter-app` යනු අපගේ project එකේ නමයි.
ng new counter-app
මෙම process එක අතරතුරදී, Angular CLI ඔබෙන් ප්‍රශ්න කිහිපයක් අසනු ඇත:
මීටපසු, Angular CLI විසින් අවශ්‍ය සියලුම files සහ folders අප වෙනුවෙන් නිර්මාණය කරනු ඇත.
Project එක සෑදූ පසු, එම folder එකට ඇතුළු වී app එක run කිරීමට පහත commands භාවිතා කරන්න.
cd counter-app
ng serve --open
ng serve command එක මගින් development server එකක් start කරන අතර, --open මගින් ස්වයංක්‍රීයව ඔබගේ web browser එකේ `http://localhost:4200/` ලිපිනය open කරනු ඇත. ඔබට එහි Angular හි default welcome page එක දැකගත හැකිවනු ඇත.