පාඩම 3: App Component එක තේරුම් ගැනීම 🧩

Angular App එකක හදවත බඳු Component එකක මූලික කොටස් ගැන ඉගෙන ගනිමු.


Component එකක් යනු කුමක්ද?

Angular application එකක් යනු Components වලින් සැදුනු ගොඩනැගිල්ලක් වැනිය. Component එකක් යනු වෙබ් පිටුවක එක් කොටසකි. (උදා: Navbar, Sidebar, Form). සෑම component එකකටම ප්‍රධාන ගොනු 3ක් ඇත.

ඔබගේ project folder එකේ `src/app/` තුල මෙම ගොනු දැකගත හැක:

දැන්, `src/app/app.component.html` ගොනුව open කර එහි ඇති සියලුම කේතය මකා දමා, පහත සරල කේතය යොදන්න. ඉන්පසු save කර browser එක බලන්න.

<h1>Hello, Angular!</h1>

Default welcome page එක වෙනුවට "Hello, Angular!" ලෙස වෙනස් වී ඇති බව ඔබට පෙනෙනු ඇත.

⬅️ මුල් පිටුවට