TypeScript file එකේ දත්ත, HTML file එකේ පෙන්වන ආකාරය (Data Binding) ඉගෙන ගනිමු.
`src/app/app.component.ts` ගොනුව open කර, `AppComponent` class එක තුලට `count` නමින් variable එකක් සාදා, එහි අගය 0 ලෙස ලබා දෙන්න.
import { Component } from '@angular/core';
@Component({
selector: 'app-root',
templateUrl: './app.component.html',
styleUrls: ['./app.component.css']
})
export class AppComponent {
title = 'counter-app';
// මෙම කොටස අලුතින් එකතු කරන්න
count: number = 0;
}
දැන් අපිට TypeScript file එකේ ඇති `count` variable එකේ අගය HTML file එකේ පෙන්විය යුතුයි. ඒ සඳහා අපි **Interpolation** නම් ක්‍රමය භාවිතා කරනවා. එය `{{ variableName }}` ලෙස double curly braces තුල ලිවීමෙන් සිදු කරයි.
`src/app/app.component.html` ගොනුව open කර, `
...
<div class="card-body">
<!-- මෙම පේළිය වෙනස් කරන්න -->
<h1 class="display-1">{{ count }}</h1>
</div>
...
Save කළ විට, browser එකේ පෙනුමේ වෙනසක් නැත. නමුත් දැන් එම අංකය පෙන්වන්නේ TypeScript file එකේ ඇති `count` variable එකෙනි. ඔබ `app.component.ts` ගොනුවේ `count` එකේ අගය 10 ලෙස වෙනස් කළහොත්, browser එකේ ද 10 ලෙස පෙනෙනු ඇත.
⬅️ මුල් පිටුවට