Bootstrap යනු කුමක්ද සහ එය අපගේ project එකට සම්බන්ධ කරගන්නේ කෙසේදැයි ඉගෙන ගනිමු.
Bootstrap කියන්නේ වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් (web applications) ඉක්මනින් හා පහසුවෙන් නිර්මාණය කිරීමට භාවිතා කරන free මෙවලම් එකතුවක්. මෙහිදී අපිට HTML, CSS, සහ JavaScript වලින් කලින් සාදා නිමකළ components (කොටස්) භාවිතා කරන්න පුළුවන්. උදාහරණ ලෙස navigation bars, buttons, forms වැනි දේවල් ඉතා පහසුවෙන් නිර්මාණය කරගන්න පුළුවන්.
සෑම HTML පිටුවකටම මූලික ව්‍යුහයක් ඇත. එය පහත පරිදි වේ.
<!DOCTYPE html>
<html>
<head>
<title>Page Title</title>
</head>
<body>
<h1>This is a Heading</h1>
<p>This is a paragraph.</p>
</body>
</html>
<head> කොටස තුල වෙබ් පිටුවට අදාළ තොරතුරු (metadata) සහ CSS ගොනු සම්බන්ධ කිරීම් සිදු කරයි.
<body> කොටස තුල වෙබ් පිටුවේ පරිශීලකයාට පෙනෙන සියලුම දේ ඇතුළත් වේ.