වෙබ් පිටුවේ අන්තර්ගතය (content) පිළිවෙලට තබා ගැනීමට container භාවිතා කරමු.
Bootstrap වලදී, අපගේ වෙබ් පිටුවේ සියලුම අන්තර්ගතයන් <div> එකක් තුල ඇතුළත් කරයි. එම <div> එකට class="container" හෝ class="container-fluid" ලෙස ලබා දීමෙන්, අන්තර්ගතය තිරයට ගැලපෙන ලෙස සකස් වේ.
.containerමෙය භාවිතා කළ විට, තිරයේ දෙපසින් කුඩා ඉඩක් තබා අන්තර්ගතය මැදින් සකස් කරයි.
.container-fluidමෙය භාවිතා කළ විට, අන්තර්ගතය තිරයේ සම්පූර්ණ පළලම (full width) භාවිතා කරයි.