සෙන්සර් වලින් ලබාගන්නා දත්ත හෝ වෙනත් තොරතුරු පරිගණකයේ Serial Monitor එක නොමැතිව බැලීමට display එකක් භාවිතා කිරීම ඉතා ප්‍රයෝජනවත් වේ. මෙම පාඩමෙන්, බහුලව භාවිතා වන 16x2 LCD (Liquid Crystal Display) තිරයක් Arduino සමඟ සම්බන්ධ කර අක්ෂර පෙන්වන ආකාරය ඉගෙන ගනිමු.
#include <LiquidCrystal_I2C.h> ලෙස ඇතුළත් කරන්න.LiquidCrystal_I2C lcd(0x27, 16, 2); ලෙස object එකක් සාදන්න. (I2C ලිපිනය 0x27 හෝ 0x3F විය හැක).setup() තුළ lcd.init(); සහ lcd.backlight(); ලෙස LCD එක සූදානම් කරන්න.lcd.setCursor(col, row); මගින් අක්ෂරය පෙන්විය යුතු තැන (තීරුව, පේළිය) තෝරන්න. (e.g., lcd.setCursor(0, 0); යනු පළමු පේළියේ පළමු අක්ෂරයයි).lcd.print("Hello, World!"); මගින් අක්ෂර පෙන්වන්න.#include කරන්න.setup() තුළ සෙන්සරය සහ LCD එක යන දෙකම initialise කරන්න.loop() එක තුළදී, DHT සෙන්සරයෙන් උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය කියවන්න.lcd.clear(); මගින් තිරය පිරිසිදු කරන්න.lcd.setCursor(0, 0); ලෙස සකසා, lcd.print("Temp: "); ලෙස ලේබලයක්ද, පසුව lcd.print(temperature); ලෙස උෂ්ණත්ව අගයද පෙන්වන්න.lcd.setCursor(0, 1); ලෙස දෙවන පේළියට ගොස්, ආර්ද්‍රතාවයද ඒ ආකාරයටම පෙන්වන්න.